පීඩනය (Pressure)
  ඒකක පෘෂ්ඨ වර්ගඵලයකට ලම්බක ව ඒ මත ක්‍රියාත්මක වන මධ්‍යන්‍ය බලය පීඩනය ලෙස හැඳින්වෙයි.

බලයේ ඒකක නිව්ටන් (N) ද, වර්ගඵලයේ ඒකක වර්ග මීටර (m2) ද, වන නිසා පීඩනයේ ඒකක වර්ග මීටරයට නිව්ටන් (n m2) වේ. පීඩනය මැනීමේ දී භාවිත කරන අන්තර්ජාතික ඒකක ක්‍රමයේ සම්මත ඒකකය පැස්කල් (Pa) වේ.
                                  1 Pa = 1 N m2

එක ම බලයක් වුව ද එය ක්‍රියා කරන වර්ගඵලය වෙනස් වූ විට පීඩනය වෙනස් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017