පදාර්ථයේ අංශුවල හැසිරීම අනුව ඝන, ද්‍රව සහ වායු ලෙස පදාර්ථයේ අවස්ථා 3කි.
රූපයේ පෙන්වා ඇති පරිදි ඝනයක අංශු ඉතා ළං ව පිහිටන අතර ඒවා එකිනෙක තදින් බැඳී පවතී. එනිසා එක් එක් අණුවට පවතින ස්ථානයෙන් ඉවත් වී වෙනත් ස්ථානයකට ගමන් කළ නොහැකි ය. අණුවලට හැකියාව ඇත්තේ යම් මධ්‍ය පිහිටීමක් වටා කම්පන සිදු කිරීමට පමණකි. මේ නිසා ම ඝනයකට ස්ථීර හැඩයක් සහ ස්ථීර පරිමාවක් ඇත.
ස්ථීර හැඩයක් නැති ද්‍රව සහ වායු පොදුවේ තරල ලෙස හැඳින්වේ. ද්‍රව්‍යයක අංශු ඝනයකට වඩා තරමක් දුරස් ව පවතී. අංශු අතර බැඳීම් ඝනයක තරම් ප්‍රබල නැති නිසා ද්‍රව අණුවලට එම ද්‍රවයට අයත් පරිමාව පුරා නිදහසේ චලනය විය හැකි ය. මේ නිසා ද්‍රවයකට ස්ථීර හැඩයක් නොමැත. එය ද්‍රව්‍ය අඩංගු බඳුනේ හැඩය ගනී. නමුත් ද්‍රවයකට ස්ථීර පරිමාවක් ඇත. බාහිරින් පීඩනයක් යෙදූ විට ද, ද්‍රවයක පරිමාව වෙනස් වන්නේ ඉතා සුළු වශයෙනි. මේ නිසා සියලුම ද්‍රව වර්ග ආසන්න වශයෙන් අසම්පීඩ්ය තරල ලෙස සැලකෙයි.
වායුවක අංශු අතර බැඳීම් ඉතා ම අඩු ය. වායුවක අංශු එකිනෙකට ඉතා දුරින් පිහිටයි. එම නිසා වායු අණු අහඹු ලෙස චලනය වෙමින් පවතී. මේ නිසා වායුවකට ස්ථීර හැඩයක් මෙන් ම ස්ථීර පරිමාවක් ද නැත. පීඩනය වෙනස් කළ විට වායුවක පරිමාව ඉතා විශාල ලෙස වෙනස් වෙයි. මේ නිසා නිසල වායු සම්පීඩ්‍ය තරල ලෙස හැඳින්වේ.