තරල යන්ත්‍ර විද්‍යාව
 ගංගා නිම්න ශිෂ්ටාචාරයේ පටන් මිනිසා පානීය අවශ්‍යතා සපුරා ගැනීම, ස්නානය වැනි කටයුතු මෙන් ම ද්‍රව්‍ය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ද ජලය භාවිත කර ඇත. ධාන්‍යවල බොල් ඉවත් කිරීම පිණිස ජලයේ ඉපිලීම ප්‍රයෝජනයට ගෙන ඇත.

තරල යාන්ත්‍ර විද්‍යාවේ මූලධර්ම අනුව විසිතුරු ජල උද්‍යාන පවා නිර්මාණය වූ බවට සාක්ෂි අප රට තුළ ම පවතී. වර්තමානයේ භාණ්ඩ හා මගී ප්‍රවාහනය සඳහා ජල යාත්‍රා මෙන් ම ගුවන් යානා භාවිත කෙරෙයි. ජලය භාවිතයෙන් විදුලිය නිපදවීම සිදු කෙරෙයි. ද්‍රව පීඩනයට ලක්කර විවිධ කාර්යයන් සඳහා භාවිතයට ගැනෙයි.

මෙලෙස ම සුළි කුණාටු, ජල ගැලීම් වැනි ස්වභාවික විපත් නිසා මිනිසා බොහෝ සෙයින් පීඩා විඳින අවස්ථා ද ඇත. මේ නිසා ම ජලය, වාතය සහ වෙනත් ද්‍රවවල හැසිරීම පිළිබඳ ව ව්‍යුහාත්මක අධ්‍යයනය තාක්ෂණික වශයෙන් ඉතා වැදගත් වේ. ද්‍රව සහ වායු පිළිබඳ අධ්‍යයනය කෙරෙන එම ක්‍ෂේත්‍රය "තරල යාන්ත්‍ර විද්‍යාව" ලෙස හැඳින්වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017