යන්ත්‍රයක කාර්යක්ෂමතාව (efficiency)
  යන්ත්‍රයක ඵලදායිතාව මැනීමට යොදා ගන්නේ යන්ත්‍රයක කාර්යක්ෂමතාව යි. නිදර්ශනයක් ලෙස සෑම තත්පරයක් පාසා ම යන්ත්‍රයක් වෙත 200 J බැගින් සපයන විට තත්පරයක් පාසා කෙරෙන සැබෑ කාර්යය 160 J ක් නම්, එහි දී සිදු වී ඇති ශක්ති හානිය 40 J කි. එනම් මෙහි ප්‍රදාන ජවය 200 වන අතර ප්‍රතිදාන ජවය 160 කි. මෙම යන්ත්‍රයේ කාර්යක්ෂමතාවන්නේ, 160 W/200 W x 100% කි.

නිදර්ශනය
40 W ක බල්බයක් දැල්වෙන විට සෑම තත්පරයක් පාසා ම 30 J බැගින් විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වී අපතේ යයි. මෙම බල්බයේ කාර්යක්ෂමතාව ගණනය කරන්න.

සෑම තත්පරයකට ම තාප ශක්තිය බවට පත් වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය = 30
එම නිසා, ප්‍රතිදාන ජවය = 40 J s-1 - 30 J s-1
ප්‍රදාන ජවය =
කාර්යක්ෂමතාව = ප්‍රතිදාන ජවය/ප්‍රදාන ජවය 100%
= 10w/40w x 100 %
= 25%

සූත්‍රිකා විදුලි පහන්වල කාර්යක්ෂමතාව අඩු ය. ඊට හේතුව ශක්තියෙන් විශාල ප්‍රමාණයක් තාපය ලෙස අපතේ යාමයි. සූත්‍රිකා පහන්වලට වඩා ප්‍රතිදීපන නළවල කාර්යක්ෂමතාව වැඩි ය. ඊටත් වඩා CFL බල්බවල කාර්යක්ෂමතාව බොහෝ වැඩි ය. විද්‍යුත් ශක්තිය අරපරිමැස්මෙන් භාවිත කිරීම සඳහා CFL වැනි වොට් අගය අඩු විදුලි පහන් භාවිතය ඉතා වැදගත් ය.
(c) Shilpa Sayura Foundation 2006-2017