ක්ෂමතාව
  ක්ෂමතාව යනු, කාර්යය කිරීමේ ශීඝ්‍රතාවයි. යම් කාලයක දී කෙරුණු කාර්යය ප්‍රමාණය දන්නේ නම්, එම කාර්යය ප්‍රමාණය, ගත වූ කාලයෙන් බෙදීමෙන් ක්ෂමතාව සොයා ගත හැකි ය.

නිදර්ශනය
වස්තුවක ස්කන්ධය 8 kg වේ. එය 2 m උසකට එසැවීමට ගත වූ කාලය 10 s කි.

(i) මෙම කාලය තුළ කෙරුණු කාර්යය කොපමණ ද?
(ii) මෙම කාර්යය කිරීමේ ශීඝ්‍රතාව (ක්ෂමතාව) කොපමණ ද?
(මෙහි දී g = 10 ms-2ලෙස සලකන්න.)

(i) වස්තුවේ බර                       = m g
                                         = 8 x 10 = 80 N
වස්තුව එසැවීමට යෙදිය යුතු බලය    = 80 N
එම බලය ක්‍රියා කළ දුර                = 2 m
එම නිසා කෙරුණු කාර්යය            = 80 N x 2 m
                                          = 160 J

එම කාර්යය කිරීම සඳහා ගත වූ කාලය = 10 s
ක්ෂමතාව (ජවය)                         = 160 J/10 s
                                            = 16 J s-1
                                            = 16 W
(c) Shilpa Sayura Foundation 2006-2017