කැටපෝලයක කුඩා ගල්කැටයක් තබාගෙන එහි රබර් පටිය මුදා හරින්න. රබර් පටිය ඇදීමට අපි ශක්තිය වැය කළෙමු. එම ශක්තිය එහි ප්‍රත්‍යාස්ථ විභව ශක්තිය ලෙස ගබඩා වන අතර රබර් පටිය මුදා හළ විට එම ශක්තිය වැයවීමෙන් ගල්කැටය ඈතට චලනය වේ. මෙලෙස ඇදුණු ප්‍රත්‍යාස්ථ තන්තුවක ගබඩා වී ශක්තිය ප්‍රත්‍යාස්ථ විභව ශක්තියයි.