(ii) මෙම වස්තුව පොළොවේ මට්ටමේ සිට 3 m උසකට එසැවූයේ යයි සිතමු. එවිට කෙරෙන කාර්යය ප්‍රමාණය ගණනය කරන්න.
W = 50 N
එම නිසා මෙම වස්තුව සිරස් ව ඉහළට එසැවීමට 50 N බලයක් අවශ්‍ය වේ. මෙය පොළොවේ මට්ටමේ සිට 3 m උසකට එසැවීමේ දී කෙරෙන කාර්යය පහත පරිදි ගණනය කළ හැකි වේ.
කෙරුණු කාර්යය = 50 N × 3 m
= 150 J
එනම්, අප එය එම උසට එසැවීමට වැය කළ ශක්තිය 150 J වේ.
(iii) ඒ ශක්තියට කුමක් සිදු වී තිබේ ද?
එම ශක්තිය විනාශ නොවන බැවින් එම වස්තුවේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ලෙස ගබඩා වී පවතී. එය යළි 3 m පහළට වැටුණොත් එමගින් 150 J කාර්යය ප්‍රමාණයක් කළ හැකි ය.
ඉහත ගණනේ 150 J ලැබුණේ 5 kg, 10 m s-2 හා 3 m වලින් ගුණ කිරීමෙනි. 5 kg යනු වස්තුවේ ස්කන්ධය (m) ද 10 m s-2 යනු ගුරුත්වජ ත්වරණය (g) ද 3 m යනු උස (h) ද වේ. මින් පැහැදිලි වන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය m g h සමාන බව ය.
ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය Epලෙස සංකේතවත් කළ හොත්
Ep = m g h