උත්තාරණ චාලක ශක්තිය
  රේඛීය ව චලනය වෙමින් පවතින වස්තුවක අඩංගු ව ඇත්තේ උත්තාරණ චාලක ශක්තියයි.

උත්තාරණ චාලක ශක්තිය කෙරේ බලපාන සාධක
* (වස්තුවේ) ස්කන්ධය (m)
* (වස්තුවේ) ප්‍රවේගය (v)

උත්තාරණ චාලක ශක්තිය සංකේතය Ek ලෙස සංකේතවත් කළ විට උත්තාරණ චාලක ශක්තිය පහත දැක්වෙන සමීකරණය මගින් දැක්විය හැකි ය.
Ek = ½ m v2
(c) Shilpa Sayura Foundation 2006-2017