චාලක ශක්තිය
 චලනය වන හෝ භ්‍රමණය වන වස්තුවක එම චලිතය නිසා එම වස්තුවේ අඩංගු ශක්තිය චාලක ශක්තිය (Kinetic energy) වේ. චලනය වෙමින් පවතින මෝටර් රථයක අඩංගු ව ඇත්තේ ද චලනය වන පන්දුවක ඇත්තේ ද හමන සුළඟේ හා ගලන ජලයේ ඇත්තේ ද භ්‍රමණය වෙමින් පවතින ඕනෑ ම වස්තුවක අඩංගු ව ඇත්තේ ද චාලක ශක්තියයි.

චාලක ශක්තියේ ප්‍රධාන ආකාර දෙකක් ඇත.

* උත්තාරණ චාලක ශක්තිය
* භ්‍රමණ චාලක ශක්තිය
(c) Shilpa Sayura Foundation 2006-2017