ලය පිරවූ බාල්දියක් ළිඳකින් ඉහළට එසැවීමේ දී කාර්යය කෙරෙන්නේ ගුරුත්ව බලයට එරෙහි ව ය. බාල්දිය මත සුදුසු බලයක් යොදා සමතුලිත ව තබාගෙන සිටීම පමණක් සිදු කළ හොත් එහි දී කාර්යයක් සිදු නොවේ. එම බලය යෙදීම නිසා බාල්දිය යම් උසකට එසැවුණහොත් පමණක් කාර්යයක් සිදු වේ. එනම් කාර්යයක් සිදු කිරීම සඳහා බලයක් යම් දුරකට ක්‍රියා කරවීම අවශ්‍ය වේ.
භෞතික විද්‍යාවේ දී කිසි යම් බාහිර බලයක් මගින් කරන කාර්යය අර්ථ දක්වන්නේ මෙසේ ය.
කාර්යය = බලය × බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය එනම්, කාර්යයක් කිරීමේ දී යොදන බාහිර බලය එම බලය ක්‍රියා කළ දිශාවට සිදු වන විස්ථාපනයෙන් ගුණකළ විට කෙරෙන කාර්යය ප්‍රමාණය ලැබේ. බලය මනින අන්තර්ජාතික ඒකකය නිව්ටන් (N) වේ. 1N බලයක් යොදාගෙන වස්තුවක් 1 m දුරකට ඇදගෙන යන්නේ නම්, එහි දී කෙරෙන කාර්යය 1 N m වන අතර එම කාර්යය ප්‍රමාණය ජූලයක් (1 J) ලෙස හැඳින්වේ.