කාර්යය දෙවන කොටස
 ශක්තිය පිළිබඳ අධ්‍යයනයේ දී ඉතා වැදගත් මූලධර්මයක් වන්නේ ශක්ති සංස්ථිති මූලධර්මය යි. එයින් කියවෙන්නේ ශක්තිය නමැති රාශිය එක් ආකාරයක සිට තවත් ආකාරයකට පරිවර්තනය කරනවා හැර එය විනාශ කිරීමට හෝ ඇති කිරීමට හෝ නොහැකි බවයි. අපට කළ හැක්කේ ඉහත සඳහන් කළා වූ ශක්ති ප්‍රභේද එක් ආකාරකින් තවත් ආකාරයකට හැරවීම පමණී.

කාර්යයක් සිදුකිරීම සඳහා බලයක් කිසි යම් දුරක් ඔස්සේ ක්‍රියා කරවීම අවශ්‍ය වේ. මේසයක් මත ඇති වස්තුවක් බලයක් යොදා චලනය කිරීමේ දී කාර්යය කෙරෙන්නේ එයට එරෙහි ව ක්‍රියාත්මක වන ඝර්ෂණය වැනි බලවලට විරුද්ධ ව කාර්යය කිරීමට පමණී. එවැනි එරෙහි ව ක්‍රියාත්මක වන බලයක් නොමැති අවස්ථාවක වස්තුවක් මත යම් කිසි බාහිර බලයක් යෙදූ විට සිදුවන්නේ එය වස්තුවේ චාලක ශක්තිය බවට පරිවරිතනය වීමකි.
(c) Shilpa Sayura Foundation 2006-2017