කේනද්‍රාභිසාරී ත්වරණය (centripetal acceleration)
  වාහනයක් වංගුවක ගමන් ගන්නා විට වාහනයේ ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ වංගුවෙන් පිටතට කේණ්ද්‍රාපසාරී බලයක් ඇති වන අතර, එයින් වාහනය මාර්ගයෙන් පිටතට යාම වළක්වා ගැනීමට එයට එරෙහි ව වංගුව තුළට යෙදෙන බලය කේන්ද්‍රාභිසාරී බලයයි. බොහෝ විට මාර්ගයේ ඝර්ෂණ බලය කේන්ද්‍රාභිසාරී බලයට දායක වන එක් සාධකයක් වේ. වංගුවක ගමන් ගන්නා මෝටර් රථයක් මත කේන්ද්‍රාපසාරී බලය හා ඝර්ෂණ බලය ක්‍රියාකරන ආකාරය පහත රූපයෙන් නිරූපණය කෙරේ.

* ඉම්පිලර සහිත ගෘහස්ථ විදුලි ජල පොම්වල ජලය පොම්ප කිරීමට උපයෝගි කරගන්නේ කේන්ද්‍රාපසාරී බලය යි. පොම්පයේ ඉම්පිලරය භ්‍රමණය වන විට ජලය භ්‍රමණ අක්ෂයෙන් ඈතට විසිවේ. ඉම්පිලරය මැද අවකාශය අව පීඩන කලාපයක් බවට පත්වේ. එම අවකාශයට ජලය ඇදී එයි. භ්‍රමණ අක්ෂයෙන් ඈතට තල්ලු වන ජලය පොම්ප කෙරේ.

* කේන්ද්‍රාපසාරී රෙදි වියළීමේ යන්ත්‍ර නූතන ගෘහණියන් බහුල ව භාවිතයට ගැනේ. එමගින්, සෝදා ගත් රෙදි අව්වේ වියළා ගැනීම වෙනුවට ඉක්මනින් හා පහසුවෙන් එක කාර්යය කර ගත හැකි ය. එම යන්ත්‍රය සිදුරු සහිත සිලින්ඩාකාර බැරලයකින් යුක්ත ය. එම බැරලයට රෙදි දමා භ්‍රමණය කරවූ විට ජල බිංදු මත ඇති වන කේන්ද්‍රාපසාරී බලය හේතුවෙන් ඒවා බැරලයේ සිදුරු තුළින් ඉවතට යයි.

* අවක්ෂේප වෙන් කරන යන්ත්‍රය රසායනාගාරවල බහුල ව භාවිත වන උපකරණයකි. එහි ඇති පරීක්ෂණ නළ රැඳවුම්වල අදාළ ද්‍රව්‍ය දැමූ පරීක්ෂණ නළ එල්ලා වේගයෙන් කරකවන විට නළ කෙළවරෙහි අවක්ෂේප තැන්පත් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017