කේන්ද්‍රාභිසාරී බලය (centripetal force)
  ස්කන්ධයක්, වෘත්තාකාර මාර්ග ඔස්සේ ගමන් කරවීමට කේන්ද්‍රය දෙසට පවත්වා ගන්නා බලයක් අවශ්‍ය වෙයි. එසේ නොවන විට එම ස්කන්ධය වෘත්තාකාර මාර්ගයේ කේන්ද්‍රයෙන් ඉවතට යයි. කේන්ද්‍රාභිසාරී බලය ලෙස හඳුන්වන්නේ වෘත්තාකාර චලිතයේ යෙදෙන වස්තුවක් මත කේන්ද්‍රය දෙසට ක්‍රියා කරන බලයයි.

නියත භ්‍රමණ සහිත වස්තුවක් මත කේන්ද්‍රාපසාරී බලයට සමාන වේ. කේන්ද්‍රාභිසාරී බලය Fi හා කේන්ද්‍රාපසාරී බලය Fo ලෙස දැක් වූ විට Fi = Fo වේ. වෘත්තාකාර මාර්ගයක ගමන් ගන්නා වස්තුවක් මත ක්‍රියා කරන කේන්ද්‍රාභිසාරී බලය කෙරේ වස්තුවේ ස්කන්ධය, වෘත්තාකාර මාර්ගයේ අරය මෙන් ම කෝණික ප්‍රවේගය හෝ වස්තුවේ වේගය බලපායි.
(c) Shilpa Sayura Foundation 2006-2017