වස්තුවක් මත බලයක් යෙදීමේ දී එහි ත්වරණය (α) රඳා පවතින සාධකය ස්කන්ධයයි. එය,
බලය = ස්කන්ධය × ත්වරණය මගින් දැක්වේ.
එම ආකාරයට ම වස්තුවක් මත ව්‍යාවර්තයක් යෙදීම නිසා එය භ්‍රමණය වීමේ දී අයත් කර ගන්නා කෝණික ත්වරණය රඳා පවතින සාධකය අවස්ථිති ඝූර්ණය ලෙස හඳුන්වනු ලැබේ.
එනම් ව්‍යාවර්තය = අවස්ථිති ඝූර්ණය × කෝණික ත්වරණය
අවස්ථිති ඝූර්ණය නම් වස්තුවක ස්කන්ධය මෙන් ම එම ස්කන්ධය පැතිරී ඇති ආකාරය මත ද රඳා පවතින්නකි. ඒ බව පහත සරල පරීක්‍ෂණයෙන් පෙන්විය හැකි වෙයි.
ලී පටියේ බාහු දෙක මත සමාන දුරින් සමාන භාර තබා විදුලිය සපයන්න. භාර පවත්නා දුර නියත ව තබා ගනිමින් භාරවල විශාලත්වය වැඩි කරන විට කෝණික ප්‍රවේගය වැඩි වන ශීඝ්‍රතාව නැතහොත් කෝණික ත්වරණය අඩු අගයක් ගනී. මේ ආකාරයට ම නියත ස්කන්ධ සඳහා ස්කන්ධ පවත්වා ගන්නා දුර වැඩි කරමින් මෝටරය කරකවන විට, ස්කන්ධ පවත්වා ගන්නා දුර වැඩි කිරීම සමඟ කෝණික ත්වරණය අඩු වන බව දැකිය හැකි ය.
ඒ අනුව මෝටරයෙන් යොදන ව්‍යාවර්තය නියත ව පවතින්නේ යයි උපකල්පනය කරන විට අවස්ථිති ඝූර්ණය කෙරෙහි ස්කන්ධවල විශාලත්වය මෙන් ම ස්කන්ධ පවත්නා දුර ද, බලපාන බව පැහැදිලි වෙයි.