ව්‍යාවර්තය (torque)
 තෝරා ගත් කිසියම් ලක්ෂ්‍යයක් වටා වස්තුවක් මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත ඝූර්ණය ශුන්‍ය නොවේ නම් එම වස්තුව මත බල යුග්මයක් පවතී. එසේ කිසි යම් වස්තුවක් මත බල යුග්මයක් පවතී නම් එම බල යුග්මයට මැදි වූ අක්ෂයක් වටා එම වස්තුව භ්‍රමණය වෙයි. මෙසේ වස්තුවක් මත ක්‍රියා කරන ඝූර්ණය හෝ බල යුග්මයේ විශාලත්වය ව්‍යාවර්තය ලෙස හැඳින්වේ.

O නම් ලක්ෂ්‍යයක් වටා කරකැවිය හැකි වන වස්තුවක P පිහිටුමක් මත F බලයක් යෙදූ විට, Fහි රේඛාවට Oහි සිට ඇති ලම්බක දුර d නම්, වස්තුව මත ඇතිවන O වටා ඝූර්ණය F d වේ. මෙය වස්තුව කරකැවීමට හේතු වන ව්‍යාවර්තය වේ.


දෘඨ වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා නොකරන විට එය නිසල ව පවතී. නැතහොත් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙයි. එලෙස ම දෘඨ වස්තුවක් මත ව්‍යාවර්තයක් ක්‍රියා නොකරන විට එය භ්‍රමණය නොවී පවතී. නැතහොත් ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වන වස්තුවක භ්‍රමණ චලිතය වෙනස් කිරීම සඳහා ව්‍යාවර්තයක් අවශ්‍ය වන්නේ යයි කිව හැකි වේ.

රේඛීය චලිතය සඳහා යොදන නිවුටන් නියම භ්‍රමණ චලිතයේ ඒ හා සමරූපි ලෙස යෙදී ඇති බව මෙයින් පෙනේ.
(c) Shilpa Sayura Foundation 2006-2017