ආවර්ත කාලය T (periodic time)
  භ්‍රමණය වන වස්තුවක්, භ්‍රමණ අක්ෂය වටා එක් වටයක් යාමට ගත වන කාලය ආවර්ත කාලය නම් වේ. කෝණික ප්‍රවේගය වන වස්තුවක් සලකමු. එය තත්පරයක කාලයක් තුළ ඇති කර ගන්නා කෝණික විස්ථාපනය වේ. එක් වටයක් යනු 2π කෝණික විස්ථාපනයකි. ඒ අනුව 2 කෝණික විස්ථාපනයක් ඇති කර ගැනීමට ගත වන කාලය T වේ. එම නිසා T = 1/ᗯ × 2π එනම් ආවර්ත කාලය T = 2π/ᗯ ලෙස දැක්විය හැකි ය.

ආවර්ත කාලය, භ්‍රමණ සංඛ්‍යාතය (f) ඇසුරින් ද දැක්විය හැකියි. භ්‍රමණ සංඛ්‍යාතය යනු ඒකීය කාලයක දී භ්‍රමණය වන වට ගණනයි. ඒ අනුව f වට ගණනක් යාමට ගන්නා කාලය කාල ඒකකයක් වන විට, එක් වටයක් යාමට ගතවන කාලය 1/f වේ.

ඒ අනුව T = 1/f වේ. ආවර්ත කාලයේ අන්තර්ජාතික (SI) ඒකකය තත්පර වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017