භ්‍රමණ සංඛ්‍යාත f (frequency of rotation)
 වස්තුවක භ්‍රමණ සීඝ්‍රතාව මනිනු ලබන්නේ භ්‍රමණ සංඛ්‍යාතය නම් වූ රාශියෙනි. ඒකීය කාලයක් තුළ වස්තුවක් භ්‍රමණය වන වට ගණන භ්‍රමණ සීඝ්‍රතාව හෙවත් භ්‍රමණ සංඛ්‍යාතය නම් වේ.

කාලය තත්පරවලින් මනින විට භ්‍රමණ සංඛ්‍යාතය තත්පරයට වට සංඛ්‍යාවෙන් ද, කාලය මිනිත්තුවලින් මනින විට භ්‍රමණ සංඛ්‍යාතය, මිනිත්තුවට වට සංඛ්‍යාවෙන් ද ප්‍රකාශ කෙරේ. මෙය RPM (revolutions per minute) අගය ලෙස ද හැඳින්වේ. විදුලි මෝටරවල භ්‍රමණ සංඛ්‍යාතය සටහන් කර තිබෙනු බහුලව දක්නට ලැබෙයි. 1250 RPM ලෙස දක්වා ඇති විට එයින් කියවෙන්නේ මෝටරය මිනිත්තුවට වට 1250ක් කරකැවෙන බවයි.
(c) Shilpa Sayura Foundation 2006-2017