කෝණික ප්‍රවේගය යනු ඒකීය කාලයක් තුළ සිදු වන කෝණික විස්ථාපනයයි. එනම් t කාලයක් තුළ සිදු වන කෝණික විස්ථාපනය θ වන විට ᗯ = θ/t වේ. අන්තර්ජාතික ඒකක ක්‍රමයේ දී කෝණික විස්ථාපනය රේඩියනවලින් ද, කාලය තත්පරවලින් ද මනින බැවින් කෝණික ප්‍රවේගයේ ඒකකය තත්පරයට රේඩියන (rad s-1) වෙයි.