සිලාකාළ
 

ක්‍රි.ව. 526-539
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 13 යි)

උපතිස්‌ස රජුගේ මරණින් පසු ඔහුගේ බෑනා වූ සිලාකාළ කුමරා රාජපදප්‍රාප්තව තෙළෙස්‌ අවුරුද්දක්‌ දැහැමෙන් රාජ්‍යය කෙළේය. මේ රජ මුළු ලක්‌දිව සතුන් නොමරන සේ ව්‍යවස්‌ථාවක්‌ ද පැනවීය. මේ රජහුගේ අවසාන කාලයේ දී වෛතුල්‍යවාද ලිවූ පොත් නැවතත් ලංකාවෙහි ප්‍රකට විය. මේ රජ සීගිරි කසුප් රජු කල්හි මුගලන් කුමරු හා දඹදිව ගොස්‌ බෝමැඩ වෙහෙර පැවිදිව සිටියේය. මේ හෙයින් ඔහු අඹහෙරණ නමින් ද ව්‍යවහාර කරනු ලැබීය.

(c) Shilpa Sayura Foundation 2006-2017