වෘත්තාකාර චලිතය
 දෘඨ වස්තුවක් යම් අක්ෂයක් හෝ පිහිටුමක් හෝ කේන්ද්‍ර කර ගනිමින් අරය නියත වූ වෘත්තාකාර මාර්ගයක් ඔස්සේ චලනය වීම වෘත්තාකාර චලිතය ලෙස හැඳින්වේ. O නම් පිහිටුමක් කේන්ද්‍ර කර ගෙන r අරයෙන් යුතු වෘත්තාකාර මාර්ගයක් ඔස්සේ චලිතයේ යෙදෙන ස්කන්ධය m වූ වස්තුවක් රූපයේ දක්වා ඇත.

විදුලි පංකාවක තටු පද්ධතිය ඒකකයක් ලෙස සැලකූ විට එම ඒකකයේ මධ්‍ය අක්ෂය වන මෝටර් ඊෂාවේ මධ්‍ය අක්ෂය වටා තටු පද්ධතිය භ්‍රමණය වන අතර, එක් එක් තටුව එම අක්ෂය වටා වෘත්තාකාර චලිතයක යෙදෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017