කිසි යම් අක්ෂයක් වටා, පදාර්ථ කොටසක්, දෘඨ වස්තුවක් හෝ පද්ධතියක් ගමන් කරයි නම් එම චලිත ආකරය භ්‍රමණ චලිතය ලෙස හැඳින්විය හැකි ය. ඇතැම් පදාර්ථ කොටස්, දෘඨ වස්තු හෝ පද්ධති හෝ භ්‍රමණය වන්නේ ඒවාට අයත් අවකාශය තුළින් ගමන් අක්ෂයක් වටා ය. එවැනි චලිත ආකාරය ප්‍රදර්ශනය වන අවස්ථා ලෙස පංකාවක භ්‍රමණය, බඹරයක කැරකීම සහ සකපෝරුවේ භ්‍රමණය දැක්විය හැකි ය.
ඇතැම් පදාර්ථ කොටස්, වස්තු හෝ පද්ධති භ්‍රමණය වන්නේ ඒවාට අයත් අවකාශයට පිටතින් වූ අක්ෂ වටා ය. පෘතුවිය සූර්යයා වටා ගමන් කිරීමේ දී පෘතුවිය ද, චන්ද්‍රයා පෘතුවිය වටා ගමන් කිරීමේ දී චන්ද්‍රයා ද තන්තුවක එක් කෙළවරක් වටා එහි අනෙක් කෙළවරට ගැට ගැසූ වස්තුවක් භ්‍රමණය කිරීමේ දී එම වස්තුවක චලිතය ද එයට නිදසුන් වේ.