තෙවැනි කොටස
 ජාන විකරණය කළ ක්ෂුද්‍රජීවීන් ජෛව ගෝලයේ පැවැත්මට තර්ජනයක් වීමේ අවදානමක් ද පවතී.

උදා:
* ඖෂධීය ප්‍රතිකාරවලින් පාලනය කළ නොහැකි ව්‍යාධිජන ක්ෂුද්‍රජීවීන් ඇතිවීමෙන් මිනිස් සහ සත්ත්ව ප්‍රජාව තර්ජනයට ලක්වීම.
* අාසාත්මිකතා ඇතිකරන ක්ෂුද්‍රජීවීන් බිහිවීම.
* ශාක රෝග ඇතිකරන ව්‍යාධිකයින් ඇති වීමෙන් ස්වභාවික පරිසරය සහ කෘෂිකර්මාන්තයට තර්ජනයට ලක්වීම.
* ජෛව ගෝලයේ ස්වභාවික චක්‍ර විකෘති කළ හැකි ජීවීන් ඇතිවීමෙන් ස්වභාවික පරිසර පද්ධතිය තර්ජනයට ලක් වීම.

මෙම අවාසි ජාන ඉංජිනේරු විද්‍යාවේ අතුරු ඵල ලෙස හැඳින්වේ. මෙම අතුරු ඵල අවම කර ගැනීමේ ක්‍රමවේදයන් ඉතා පැහැදිලිව නිර්දේශ කර ඇත.

එම නිර්දේශයන්ට අනුව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කීපයකි මේ,

* ව්‍යාධිජනක ජීවීන්ගෙන් ජාන ලබා නොගැනීම.
* පරිසර හිතකාමි නොවන ජීවීන්ගේ ජාන ලබා නොගැනීම.
* ව්‍යාධිජනක හෝ පරිසර හිතකාමි නොවන ජීවීන් ජාන විකරණ සඳහා ආදායකයින් (Receptone) ලෙස භාවිත නොකිරීම.
* ජාන විකරණය කිරීමෙන් පසු ලබාගත් ජීවීන්ගේ භෞතික, ජීව රසායනික සහ ප්‍රජනක ලක්ෂණ ඔවුන්ගේ වල් දර්ශ සමඟ සංසන්දනය කිරීම.
* ක්‍රමවත් විද්‍යාගාර පරීක්ෂණ මඟින් අවදානම් සහගත ලක්ෂණ ඇති ද යන්න තහවුරු කිරීම.
(c) Shilpa Sayura Foundation 2006-2017