දෙවන කොටස
 * ජාන වෙන් කර ගැනීමේ දී ජීවියාගේ ජිනොමික න්‍යෂ්ටික අම්ල (සමහර වයිරස හැර) නිස්සාරණය කළ යුතු ය. මේ සඳහා ජීවි සෛල බිඳ හෙලීම DNA අවක්ෂේපනය, කේන්ද්‍රාපසරණය, පිරිපහදු කිරීම වැනි තාක්ෂණ ක්‍රම හඳුන්වා දී ඇත.
* වෙන් කර ගත් ජිනෝමයේ අවශ්‍ය කොටස කපා ගැනීමට එන්ඩොනියුක්ලියේස් එන්සයිම වර්ග ගණනාවක් හඳුන්වා දී ඇත.
* කපාගත් DNA දාම කොටස වෙන්කර ගැනීමට ජෙලි විද්‍යුතාගමනය (Gel Electrophoresis) තාක්ෂණය හඳුන්වා දී ඇත.
* අවශ්‍ය ජානය එම DNA දාමයේ තිබේද යන්න නිශ්චය කරගැනීමට ක්‍රමවේද (DNA Blotting සහ DNA Probe Hybridisation) හඳුන්වා දී ඇත.
* අවශ්‍ය ජානය වෙන්කර ගත් DNA දාමයේ තිබේ නම් ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය මගින් මෙමම ජානය වෙනත් ජීවියෙකුගේ ජිනෝමයට ඇතුල්කිරීමේ ක්‍රමවේදය ජාන ඉංජිනේරු විද්‍යාවේ දී ක්‍රියාත්මක කෙරේ.
* මේ මඟින් ජාන විකරණය කළ ජීවීන් නිෂ්පාදනය කරයි.
* මේ සඳහා බැක්ටීරියාප්ලාස්මිඩ (Plasmids) යොදා ගැනීම බෙහෙවින් ප්‍රචලිත ක්‍රමවේදයකි.
* වෘත්තාකාර ප්ලාස්මිඩ DNA, එන්ඩොනියුක්ලියේස් එන්සයිමය මගින් විච්ඡේදනය කර එම හිදැස තුළට අවශ්‍ය ජානය සහිත DNA කොටස ඇතුල් කර සවි කිරීමට DNA ලිගේස් එන්සයිමය උපයෝගි කර ගැනේ. මේ ආකාරයට බිහිකරන ප්ලාස්මිඩ ප්‍රතිසංයෝජිත ප්ලාස්මිඩ (Recombined Plasmids) ලෙස හැඳින්වේ.
* ප්‍රතිසංයෝජිත ප්ලාස්මිඩ බැක්ටීරියා තුළට ඇතුළු කිරීම පරිණාමනය (Gene Transformation) ලෙස හැඳින්වේ.
* මෙලෙස ජාන විකිරණය කිරීම මගින් නිෂ්පාදනය කරන ක්ෂුද්‍රජීවීන් මිනිසාගේ යහපත වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරයි.

උදා: ජාන විකිරණය කළ Escherichia බැක්ටීරියාව යොදාගනිමින් මානව ඉන්සියුලින් නිපදවීම.
එන්සයිම සහ වෙනත් හෝමෝන නිපදවීම.
එන්නත් නිපදවීම.
(c) Shilpa Sayura Foundation 2006-2017