දෙවන කොටස
 මෙහි දී සරු ජනිතයින් බිහි කිරීමේ හැකියාව ඇත්තේ එකම විශේෂයකට අයත් ජීවීන් දෙදෙනෙකු අතර සිදුවන ලංගික ප්‍රජනනයෙන් වීම සුවිශේෂි සීමාවකි. මෙම සීමාව අභිබවා යාමට අණුක ජීව විද්‍යාත්මක (Molecular Biology) සොයාගැනීම් සමත් විය. එවැනි අණුක ජීව විද්‍යාත්මක සොයාගැනීම් කිහිපයක් පහත දැක්වේ.

* ජවීන්ගේ ජානමය ද්‍රව්‍ය ඩිඔක්සිරයිබෝ නියුලික් අම්ලය (Deoxyribo Nulelic Acid) හෙවත් DNA දාමවලින් සෑදී ඇති බවත් මෙම DNA දාම දෙකක් හෙලික්සාකාරව සකස් වීමෙන් වර්ණදේහ සෑදී ඇති බවත් James Watson සහ Francis Crick (1953) විසින් සොයා ගැනීම.

* DNA දාම කැබලි වලට විච්ඡේදනය කළ හැකි එන්ඩොනියුක්ලියේස් (Endonuclease) එන්සයිම Hamilton Smith විසින් සොයා ගැනීම.

* DNA කැබලි එකිනෙක සම්බන්ධ කිරීම පිණිස ලිගේස් (Ligase) එන්සයිමය Grllert, Lrhman, Richardson, Hurwits විසින් සොයා ගැනීම.

* පර්යේෂණ නල තුළ DNA දාම ප්‍රතිචලිත කරවීම සඳහා PCR (Polymerase Chain Reaction) තාක්ෂණය Kary Mullis (1983) විසින් සොයා ගැනීම.

මෙම සොයා ගැනීම් පදනම් කරගෙන ජීවී විශේෂ අතර අභිජනනයෙන් සරු ජනිතයින් බිහිකිරීමේ මූලධර්මය අභිබවා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය ඇසුරෙන් ඉතා උසස් ජාන විකරණය (Gene Transformation) කළ ජීවීන් ඇති කිරීමට නූතන ජාන ඉංජිනේරු විද්‍යාව (Genetic Engineering) සමත් වී සිටී.
(c) Shilpa Sayura Foundation 2006-2017