ජෛව තාක්ෂණයේ දී ක්ෂුද්‍රජීවීන් භාවිතය
 ජෛව තාක්ෂණ ක්‍රමවේද පිණිස ක්ෂුද්‍රජීවීන් පමණක් නොව (සතුන් සහ ශාක) පවා යොදා ගෙන ඇත. කෘෂිකර්මාන්තයේ දී භෝග නිෂ්පාදනය, සත්ත්ව පාලනයෙන් කිරි, බිත්තර, මස් නිෂ්පාදනය, ගමනාගමනය, භාණ්ඩ ප්‍රවාහණය, ඉඳිකිරීම් කටයුතු සහ යුද්ධ සඳහා සතුන් යොදා ගැනීම මෙයට උදාහරණ ලෙස දැක්විය හැකි ය.

ඉහත කාර්යයන් කාර්යක්ෂම ව ඉටු කළ හැකි මහාජීවීන් බෝ කර ගැනීමට සත්ත්ව සහ ශාක අභිජනන ක්‍රමවේද අනුගමනය කර ඇත.මෙම ක්‍රමවේද මෙන්ඩල් (Grego Mendol, 1822-188 ) නමැති විද්‍යඥයාගේ සොයා ගැනීම් මත පදනම් වේ. ඔහුගේ සොයාගැනීම් ඉතා සංක්ෂිප්තව දක්වන්නේ නම් "උසස් ගති ලක්ෂණ ඇති මව්පිය දෙපළක් අතර ලිංගික ප්‍රජනනයේ දී වඩාත් උසස් ගති ලක්ෂණ ඇති ප්‍රජනිතයින් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී.

" මේ අනුව වඩාත් කාර්යක්ෂමව මහා ජීවීන් බෝ කර ගැනීම පිණිස උසස් ගති ලක්ෂණ ඇති ජීවීන් අතර ලිංගික ප්‍රජනනය සිදු කිරීම සාම්ප්‍රදායික අභිජනන ක්‍රමයක් ලෙස ශාක සහ සත්ත්ව අභිජනනයේ දී භාවිත කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017