සංකීර්ණ කාබනික සංයෝග, සරළ කාබනික සංයෝග බවට ජල විච්ඡේදනය වීමට ඉඩ සැලැස්වීම මෙහි දී සිදු කෙරේ. එනම්, කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, මේද, ලිපිඩ යනාදිය, සරල සීනි, ඇමයිනෝ අම්ල සහ මේද අම්ල බවට බිඳ හෙලීම නිර්වායු ක්ෂුද්‍රජීවීන් විසින් නිර්වායු තත්ත්ව යටතේ සිදුකරනු ලබයි.