අපජලය පිරියම් කිරීමේ දී ක්ෂුද්‍රජීවීන් භාවිතය
  නොයෙකුත් ආකාරයේ අපද්‍රව්‍ය මඟින් ජලය අපවිත්‍ර වීම සිදු වේ. මෙසේ අප ජලය (Waste Water) ජනනය කිරීමේ ශීඝ්‍ර වර්ධනයක් මානව ශිෂ්ටාචාරයේ දියුණුවට සමාන්තරව සිදු වී මේ වන විට උපරිම අවධිය පවා පසුකරමින් සිටී. මෙයින් අදහස් කරන්නේ ස්වභාවික ජල පිරිපහදු යන්ත්‍රයේ ධාරිතාව ප්‍රමාණවත් නොවන බවයි. මේ නිසා ජලය පිරියම් කිරීමේ (Waste Water Treatment) යන්ත්‍රාගාර සැලසුම් කර ක්‍රියාත්මක කෙරේ.

අපජලය පිරියම් කිරීමේ යාන්ත්‍රණයේ ප්‍රධාන කාර්යභාරය ඉටුකරන්නේ ක්ෂුද්‍රජීවී සමූහනයක් (Microbial Consortium) විසිනි.

මෙය ප්‍රධාන අදියර හතරකි.
1. මූලික පිරියම් කිරීම (Primary Treatment)
2. ද්වීතීයික පිරියම් කිරීම (Secondary Treatment)
3. විෂබීජ නාශනය සහ පිරිපහදු කළ ජලය මුදාහැරීම (Disinfection & Release)
4. නිර්වායු රොන් බොර ජීරණය (Anaerobic Sludge Digestion)
යනුවෙනි.
(c) Shilpa Sayura Foundation 2006-2017