විෂ රසායන වියෝජනය කිරීමේ හැකියාව ඇති ජීවීන් සංඛ්‍යාව ඉතා අල්පය. ඔවුන්ගේ වර්ධන වේගය ද අඩු ය. මෙනිසා පාරජනක (Transgenic) බැක්ටීරියා යොදා ගැනේ.
නිදසුන් ලෙස හයිඩ්‍රොකාබන් සංයෝග වියෝජනය කිරීමේ හැකියාව ක්ෂුද්රජීවීන්ට ලබාදෙන ජාන එම ක්ෂුද්‍රජීවීන්ගෙන් ලබාගෙන Pseudomonas වැනි වැඩි වර්ධන වේගයක් සහිත බැක්ටීරියා විශේෂවල සෛල තුළට ඇතුළු කිරීමෙන් එම බැක්ටීරියාවේ පාරජනක ප්‍රභේද ඇතිවිය හැක.
මෙසේ නිපදවාගත් පාරජනක ප්‍රභේදවලට ඛනිජ තෙල් වියෝජනය කරමින් වර්ධනය වීමේ සුවිශේෂි හැකියාවක් ඇත.
මේ අයුරින් විෂ රසායන වියෝජනය කරන ක්ෂුද්‍රජීවීන්ගෙන් ලබාගත් ජාන උපයෝගි කරගනිමින් පාරජනක බැක්ටීරියා ප්‍රභේද විශාල වශයෙන් නිපදවා ඇත. මොවුන් පසෙහි හෝ ජලයේ දූෂණ ඇතිකරන විෂ සහිත රසායන වියෝජනය කිරීමට යොදා ගනියි.