වයිරස රෝග වලට එන්නත් නිෂ්පාදන ක්‍රමවේද කිහිපයකි.
* තාපය හෝ රසායනික ක්‍රම යොදාගනිමින් රෝග ඇති කරන වයිරස අක්‍රිය කර එම අක්‍රිය වයිරස යොදා ගනිමින් එන්නත් නිෂ්පාදනය කිරීම.
උදා: හෙපටයිටිස් ඒ එන්නත.
* ස්වභාවික ධාරකයින් නොවන විකල්ප ධාරකයින් යොදා ගනිමින් බෝ කරගත් ප්‍රචණ්ඩකාරී නොවන ලෙස දුර්වල කරගත්, රෝග කාරක වයිරස යොදා ගනිමින් එන්නත් නිෂ්පාදනය කිරීම.
උදා: රුබෙල්ලා එන්නත, සරම්ප එන්නත
* රෝග කාරක වයිරස විකල්ප ධාරකයින්ට එන්නත් කිරීමෙන් පසු සෑදෙන ප්‍රතිදේහ එන්නත් ලෙස භාවිත කිරීම.
උදා: ජලභීතිකා එන්නත
* ජාන ඉංජිනේරු තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන එන්නත් නිෂ්පාදනය කිරීම. මේ සඳහා රෝග කාරක වයිරසයේ ප්‍රතිදේහ ජනක (Antigen) නිපදවන ජානය රෝග කාරක නොවන බැක්ටීරියාවකට හෝ යීස්ට් සෛල තුළට ඇතුල් කිරීමෙන් ජාන විකිරණය කළ ජීවියෙක් නිෂ්පාදනය කෙරේ. මෙම බැක්ටීරියාව හෝ යීස්ට් වගා කිරීමෙන් රෝග කාරක වයිරසයේ ප්‍රතිදේහ ජනක නිපදවා පිරිසිදු කිරීමෙන් පසු එන්නත් ලෙස භාවිත කෙරේ.
උදා: හෙපටයිටිස් එන්නත.
එන්නත් නිෂ්පාදනයේ දී යොදාගන්නා අතිරේක ප්‍රෝටීනමය ද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කර ගැනීම අත්‍යාවශ්‍ය. මේ සඳහා කේන්ද්‍රාපසරණය, පෙරීම, වර්ණලේඛ ශිල්පය ආදී ක්‍රම භාවිත කෙරේ. මෙම ක්‍රමවේදයේ දුර්වලතා හේතුවෙන් එන්නත් භාවිතයේ දී ආසාත්මිකතා ඇතිවිය හැක.