වෛද්‍ය ක්ෂේත්රයේ දී ක්ෂුද්රජීවීන් බහුලව ම යොදා ගැනෙන්නේ ඖෂධ නිෂ්පාදනයේ දී ය. ක්ෂුද්රජීවීන් යොදා ගෙන කරන නිෂ්පාදන අතර ප්‍රතිජීවක, විටමින්, හෝමෝන සහ එන්නත් ප්‍රධාන තැනක් ගනී.
ප්‍රතිජීවක (Antibiotics) නිෂ්පාදන
මෙය ආසාදනය සුවකිරීම පිණිස භාවිත කරන ඖෂධ කාණ්ඩයකි. මෙම ඖෂධ සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ බ්‍රිතාන්‍ය ජාතික Alexender Fleming නම් විද්‍යඥයාට ය.
Penicillium chrysogenum උපයෝගි කර ගනිමින් ඔහු 1928 දී කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස ලොව පළමු ප්‍රතිජීවකය වන පෙනිසිලීන් සොයා ගැනීම සිදුවිය. මෙම සොයාගැනීමෙන් ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයට පමණක් නොව විටමින්, හෝමෝන, එන්නත් වර්ග නිෂ්පාදනයට ද ඉවහල් විය.
ක්ෂුද්රජීවීන්, ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය නිසා ප්‍රතිජීවක නිපදවයි. මෙහි අරමුණ සිය ආරක්ෂාව සහ පැවැත්ම පිණිස අනිකුත් ක්ෂුද්රජීවීන් විනාශ කිරීම හෝ මැඬ පැවැත්වීමයි. ක්ෂුද්රජීවීන් නිපදවන එවැනි ප්‍රතිජීවක නිෂ්පාදනය කර, පිරිසිදු කිරීමෙන් පසු ක්ෂුද්රජීවී ආසාදනයෙන් මිනිසුන්ට වැළඳෙන රෝග සුව කිරීමට යොදා ගනියි.