රා (Toddy) නිෂ්පාදනය
පොල්, කිතුල් වැනි ශාක වල පුෂ්පමංජරිය කපා වැගිරෙන යුෂය අමුද්‍රව්‍ය ලෙස භාවිත කෙරේ. මීරා වශයෙන් හඳුන්වන මෙම යුෂය 15% පමණ යුක්රෝස් සීනි වලින් සමන්විතය.
මීරා ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වය නිසා පැසීමේ ක්‍රියාවලියට භාජනය වී මද්‍යසාර (එතනෝල්) නිපද වේ. සාමාන්‍ය උෂ්ණත්වයේ දී දින තුන ක කාලයක දී පැසීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වේ.
රා නිෂ්පාදනයේ දී ප්‍රධාන ක්ෂුද්රජීවී කාණ්ඩ දෙකක මැදිහත් වීම සිදුවේ. ප්‍රථම අවධියේ දී Leuconostoc, Lactobacillus, Streptococcus වැනි බැක්ටීරියා විශේෂ සහ දෙවන අදියරේ දී විවිධ යීස්ට් ප්‍රභේද වල ක්‍රියාකාරිත්වය දායක වේ. එම නිසා සම්ප්‍රදායික රා නිෂ්පාදනය ද මිශ්‍ර පැසීමේ ක්‍රියාදාමයක ප්රතිඵලයකි.
මේ අනුව ලබාගත හැකි උපරිම මද්‍යසාර ප්රතශතය 7% පමණ වේ. මෙම මිශ්‍ර පැසීමේ ක්‍රියාවලිය වෙනුවට නවතම ක්ෂුද්රජීවී තාක්ෂණ ක්රමෝපායන් අනුව ක්ෂුද්රජීවී සමූහයක් නිෂ්පාදන ක්‍රියාවලියට අනුගත කිරීමෙන් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ ප්‍රමිතියෙන් යුත් රා නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත.