පාන් සෑදීම
  ක්ෂුද්‍රජීවී පැසීමේ ක්‍රියාවලිය මඟින් නිපදවන ප්‍රධානතම ආහාරයකි, පාන්. මෙහිදී පිරිසිදු ජලයේ යීස්ට් අවලම්බිතයක් යොදා ගැනෙයි. මෙම යීස්ට් අවලම්බිතය තිරිඟු පිටි, ලුණු සහ අනිකුත් රස කාරක ද්‍රව්‍ය සමඟ හොඳින් අනා ගැනීමෙන් පදම් කරගත් පිටි මිශ්‍රණය පැය කීපයක් 30 0C පමණ කාමර උෂ්ණත්වයේ තබයි.

මේ කාල සීමාව තුළ යීස්ට් වල ක්‍රියාකාරිත්වය නිසා පැසීම මඟින් CO2 වායුව සහ එතනෝල් සෑදේ. පිටි මිශ්‍රණය තුළින් CO2 වායුව බුබුලු දැමීම නිසා කුඩා වා සිදුරු ඇති කරමින් පිටි පිපීම සිදුවේ. මෙසේ පදම් කරගත් පිටි වල ඇති එතනෝල් පාන් පිළිස්සීමේ දී ඉවත් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017