ක්‍රි.ව. 479-497
අගනගරය - සීගිරිය (පා.කා. අවු. 18 යි )
පියරජු මරා රජකම ලබාගත් කාශ්‍යප කුමාරයා තම සොයුරු වූ මුගලන් කුමරු මැරවිය නොහැකිව බිය සහිතව මාතලේ අසල උස් පර්වතයක් මතුයෙහි සීගිරි නම් නුවරක් කරවා එහි වාසය කෙළේය. ඒ හේතුවෙන් මේ රජ සීගිරි කසුප් යන නමින් ද ප්‍රකට විය. මිනිසුන් විසින් නැංග හැකි නොවූ ඒ පර්වතය පවුරකින් වටකොට එහි සිංහකාර වූ හිණි ගෙවල් කරවූයේය.
එ හෙයින් සීගිරි නමින් ව්‍යවහාර විය. කාශ්‍යප රජුගේ බාල සහෝදර වූ සමාන මාතෘක මුගලන් කුමාරයා පිය රජුගේ මරණය ගැන සහෝදරයාගෙන් පලිගන්ට කල්පනා කොට ඉන්දියා දේශයට ගොස් යුද්ධ සේනාවක් රැස්‌කරගෙන අනුරපුරට අවුත් සීගිරිය දෙසට ගමන් කළේය. මේ සහෝදරයන් දෙදෙනාගේ සටනේ දී කාශ්‍යප රජ ඒ සතුරු සේනාව මැද දී ම තමන් හිස සිඳගෙන මළේය.
