වෛරසවල රූපමය ආකාර
 කිසිදු සෛලීය සංවිධානයක් නොපෙන්වයි. එනම් සෛල ප්ලාස්ම පටලයකින් වටවූ සෛල ප්ලාස්මයක් තුළ න්‍යෂ්ටියක් හෝ න්‍යෂ්ටියක් හෝ න්‍යෂ්ටික ප්‍රදේශයක් නැත. මේ නිසාම ජීව රසායනික ප්‍රතික්‍රියා (Biological reactions) කිසිවක් ධාරක සෛලයකින් පිටත ඇති වෛරස අංශු වල (viral particles) සිදු නොවේ. එමෙන් ම කායික විද්‍යාත්මක (Physiological) ලක්ෂණ කිසිවක් වයිරස සතු නොවේ.

මේ අනුව වයිරසය යනු ප්‍රෝටීන කොපුවකින් වට වූ මධ්‍ය කුහරය තුළ තැන්පත් ජිනෝමික න්‍යෂ්ටික අම්ලය (DNA හෝ RNA) අඩංගු සංකීර්ණ අංශුවකි. එහෙත් නිශ්චිත රූප විද්‍යාත්මක (Morphological) ලක්ෂණ මොවුන් සතු ය.

* දණ්ඩාකාර හෙවත් හෙලික්සාකාර සමමිතියකින් යුත් ප්‍රෝටීන කොපුවක් සහිත වයිරස (Helical viruses)
* ගෝලාකාර සමමිතියකින් යුත් කොපුවක් සහිත වයිරස (Spherical viruses)
* සංකීර්ණ සමමිතියක් ඇති වයිරස (Complex viruses)

මෙම ආකාර තුනෙහි ම සමහර වයිරසවල ප්‍රෝටීන කොපුව වටා පටලමය ආවරණයක් දැකිය හැකි ය. මෙම පටලමය ආවරණය Viral envelop ලෙස හැඳින්වේ. මෙය ප්‍රෝටීන හෝ ග්ලයිකොප්‍රෝටීන කණ්ඨක සහිත පොස්පොලිපිඩ පටලයකි. මෙය කිසිවිටෙකත් ජීව රසායනික ප්‍රතික්‍රියා සිදුවන සෛල ප්ලාස්ම පටලයක කෘත්‍යයට සමාන කෘත්‍යයක් ඉටුකරන පටලයක් නොව නිශ්චිත සංයුතියක් සහිත නිශ්ක්‍රිය ආවරණයක් පමණී.
(c) Shilpa Sayura Foundation 2006-2017