අැල්ගී (Algae)
 ප්‍රධාන වශයෙන් ජලජ පරිසරයේ වර්ධනය වන නමුත් සමහර ඇල්ගී භෞමික පරිසරයේ එනම් තෙතමනය සහිත පසේ, දිය සීරාව සහිත පාෂාණ පෘෂ්ඨවල, තෙත් ශාක කඳන් මත වර්ධනය වේ. මොවුන්ගේ ගනාවාස කොළ පැහැ හෝ රතු දුඹුරු වර්ණයන් ගනී.

ජෛව ගෝලයේ අති විශාල වර්ග ප්‍රමාණයක වර්ධනය වෙමින් ප්‍රභාසංස්ලේෂණය සිදු කරන නිසා මොවුන් ප්‍රාථමික නිෂ්පාදකයින් ලෙස මුල් තැනක් ගනී. ඇල්ගී සතුව ක්ලෝරොෆිල් සහ කැරටිනොයිඩ් වර්ණක හරිතලව තුළ පිහිටා ඇත. සෛලීය සංවිධානය අනුව ඇල්ගි ඉතා සරළ ප්‍රභාසංස්ලේෂකයින් ය. ශාක යටතේ වර්ග කළ ද ඒක සෛලීය සුත්‍රිකාර හෝ තලාසාකාර වර්ධක දේහයකින් සමන්විත වේ. වර්ගීකරණයේ දී මොවුන්ගේ ප්‍රභාසංස්ලේෂක වර්ණක, සෛල බිත්තියේ සංයුතිය සහ ඒවායේ සංවිත ආහාර පදනම් කරගෙන කාණ්ඩවලට වර්ගීකරණය කෙරේ.

විශාලත්වය අනුව ඒක සෛලික, අන්වීක්ෂීය ඇල්ගී (Chlamydomonas) මෙන් ම 100 m පමණ දිගින් යුත් සූත්‍රිකාකාර ඇල්ගී (Macrocystis) ස්වභාවික පරිසරයේ දැකිය හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017