ප්‍රෝටොසෝවා (Protozoa)
 ඒක සෛලික, සුන්‍යෂ්ටික, සැබෑ සෛල බිත්ති රහිත, රසායන විෂමපෝෂි ජීවීහු වෙති. මොවුන් ජලජ පරිසරයේ, තෙත් පසේ, සත්ත්ව දේහ ආශ්‍රියිතව වාසය කරයි.

උදා:- ඇමීබා (Amoeba), පැරමීසියම් (Paramecium), ඉයුග්ලිනා (Euglena).

ප්‍රෝටොසෝවන් අලිංගික ප්‍රජනනයේ දී ද්විඛණ්ඩනය, අංකුරණය, බහුඛණ්ඩනය ආදී ක්‍රම උපයෝගි කර ගනියි. ලිංගික ප්‍රජනනය සෛල අතර සිදුවන සංයුග්මනය මඟින් සිදුවේ.

සමහර ප්‍රෝටොසෝවන් ජන්මාණු නිපදවයි. මෙම ඒක ගුණ ජන්මාණු සංසේචනයෙන් ද්විගුණ යුක්තාණු නිපදවයි. උදා: Paramecium
(c) Shilpa Sayura Foundation 2006-2017