හතු හෙවත් බිම්මල් සාදන්නේ මෙම දිලීරය යි. ලිංගික ප්‍රජනනයේ දී බැසිඩිබීජාණු (Basidiospores) නිපදවීම මෙම දිලීර වල නිශ්චිත වර්ගීකරණ ලක්ෂණයකි. එක් බැසිඩි බීජාණුධරයක් (Basidium) මත බැසිඩිබීජාණු හතරක් සෑදේ. බැසිඩියා (Basidia) බැසිඩ් ඵලය හෙවත් හතු ව්‍යුහයේ ක්‍රමවත් ආකාරයට සකස් වී ඇත.
බැසිඩ් දිලීර බොහෝමයක් මෘතෝපජීවින් ය. මෙම දිලීර දිරා යන ද්‍රව්‍ය, ශාක පත්‍ර, පිදුරු ආදී ශාක ප්‍රභවයන් සහිත කාබනික ද්‍රව්‍ය වියෝජනය කරමින් වර්ධනය වේ. මේ නිසා මොවුන් පරිසරයේ ප්‍රධාන ස්ථානයක් ගන්නා ප්‍රථමික වියෝජකයින් ලෙස හැඳින්විය හැකිය.
මේ සියලු ම දිලීර බීජාණු ආකාර සුළඟ, ජලය හෝ සතුන් මඟින් ප්‍රචාරණය වී නව දිලීර ජාල ඇතිවීමෙන් දිලීර ව්‍යාප්තිය සිදු වේ.