Zygomycota & Ascomycota
 Zygomycota: දිලීර අලිංගික ප්‍රජනනයේ දී බීජානුධානි තුළ බීජාණු නිපදවයි. ලිංගික ප්‍රජනන පිණිස විශේෂිත ජන්මාණුධානි නොසාදයි.

Ascomycota: දිලීර කොනිඩි (conidia) නම් අලිංගික බීජාණු නිපදවයි. වීශේෂිත දිලීර සූත්‍රිකාවල අග්‍රස්ථය කොනිඩි නිෂ්පාදනයට විකසනය වූ කොනිඩිධර (conidiophores) බවට වර්ධනය වේ. ලිංගික ප්‍රජනනයේ දී මාදිලි දෙකක සූත්‍රිකා සංයුග්මනය වීමෙන් සෑදෙන අස්කස (Ascus) නම් වන මඩි තුළ අස්කබීජාණු නිපදවයි. මෙහි නිශ්චිත ලක්ෂණය වන්නේ අස්කසක් තුළ අස්කබීජාණු අටක් නිපදවීමයි.
(c) Shilpa Sayura Foundation 2006-2017