දිලීර ප්‍රජනනය
 දිලීර ප්‍රජනනය බීජානු සැදීම අනුව සිදුවේ. මෙම බීජානු නිපදවීම අලිංගික ප්‍රජනනය (Asexual reproduction) හෝ ලිංගික ප්‍රජනනය (Sexual reproduction) යන ආකාර දෙකෙන්ම හෝ එන් එක් ආකාරයකින් සිදුවිය හැකිය.

දිලීර හඳුනාගැනීමටත් වර්ගීකරණය සඳහාත් මෙම ආකාර දෙකෙහි ම රූප විද්‍යාත්මක ලක්ෂණ අනුව වංශ හතරකට බෙදා වෙන්කර ඇත. එනම් Chytridiomycota, Zygomycota, Ascomycota, Basidiomycota වශයෙනි.
(c) Shilpa Sayura Foundation 2006-2017