දිලීර පෝෂණය
 විෂමපෝෂි පෝෂණ රටාවක් අනුගමනය කරන දිලීර ඔවුන් නිපදවන බහිෂ්සෛලීය එන්සයිම, වර්ධක උපස්ථරය මතට ස්‍රාවය කර එහි ඇති ආහාර ජීරණය කළ පසු නිපදවන පෝෂ්‍ය ද්‍රව්‍ය දිලීර සෛල මඟින් අවශෝෂණය කරගනියි.

බොහෝ දිලීර මියගිය ශාක හෝ සත්ත්ව කොටස්වලින් සමන්විත කාබනික උපස්ථර මත වර්ධනය වේ. මොවුන් මෘතෝපජීවීන් ලෙස හඳුන්වයි. මෙම දිලීර පරිසරයේ ප්‍රාථමික වියෝජකයින් ලෙස සැලකේ.

සමහර දිලීර ව්‍යධිජනක, පරපෝෂිත ජීවන රටාවක් අනුගමනය කරමින් ධාරකයින් ලෙස තෝරාගත් ජීවි ශාක හෝ සතුන් මත ධාරකයින්ට රෝග ඇති කරමින් ජීවත් වේ. තවත් සමහර දිලීර සහභෝජි ජීවන රටාවකට අනුව ඇල්ගී සමඟ සබඳතා ගොඩනගා ගනිමින් "ලයිකන" ලෙස පාෂාණ පෘෂ්ඨ මත ජීවත් වේ.

ශාක මූල පද්ධතිය සමඟ සහ-ජීවන සම්බන්ධතාවක් ගොඩනගාගනිමින් "දිලීරකමූල" සාදන දිලීර වර්ග ද ඇත. දළ වශයෙන් 100.000 පමණ වන හඳුනාගත් දිලීර විශේෂ මෘතෝපජීවී, සහජීවී හෝ පරපෝෂි යන පෝෂණ ක්‍රම අනුගමනය කරමින් වාසය කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017