දිලීර වර්ධක දේහය
  දිගු නාළාකාර සෛල එකිනෙක සම්බන්ධ වීමෙන් සෑදෙන දිලීර සුත්‍රිකා වර්ධනය වීමෙන් විශාල ප්‍රදේශයක පැතිරී වැඩෙන දිලීර ජාලය මයිසීලිය දිලීරයක වර්ධක දේහය ලෙස හැඳින්වේ.

බොහෝ දිලීරවල සූත්‍රිකා හරස් ආචාර සහිත ය. සමහර දිලීර සූත්‍රිකාවල හරස් ආචාර නොමැති වීමෙන් සියුම් නාලාකාර බහු න්‍යෂ්ටික සෛලීය ව්‍යුහයක් නිරීපණය කරයි.

දිලීර සූත්‍රිකා අග්‍රස්ථ වර්ධනයක් පෙන්වයි. දිලීර ජාලයකින් කැඩීගිය දිලීර සූත්‍රිකා නව දිලීර ජාලයක් බවට වර්ධනය වේ. යීස්ට් යනුවෙන් පොදුවේ හඳුන්වන දිලීරවල සුත්‍රිකාමය දිලීර ජාලයක් නැත. මේවා ඒක සෛලීය, ගෝලාකාර හෝ අණ්ඩාකාර වර්ධක දේහයකින් සමන්විතය. මේවායේ වර්ධනය අංකුරස්ථ (Budding) ලෙස හඳුන්වන අතර අංකුරයෙන් ඇති වන සෛල සමූහයක් එක්ව වාසය කිරීමෙන් යීස්ට් ගනාවාස ඇතිවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017