ක්‍රි.ව. 461-479
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 18 යි)
යට කී පණ්ඩු නම් දෙමළ රජු රාජ්‍යය කරන සමයෙහි මෞර්ය වංශික ධාතුසේන නම් කුමාරයෙක් පැවිදිව දික්සඳ සෙනෙවියා පිරිවෙනෙහි වාසය කෙළේය. ඉක්බිති ඒ කුමාරයා ගිහි බවට පැමිණ සේනාවක් රැස්කොට ගෙන එක් විසි තැනෙක කඳවුරු බැඳ දෙමළුන් හා යුධ කොට අවසානයෙහි රජ කළ දෙමළුන් තුන්දෙනා පිළිවෙලින් මරා රාජ්‍යය අත්පත් කොටගෙන අටළොස් අවුරුද්දක් දැහැමෙන් රාජ්‍යය කෙළේය.
ධාතුසේන රජු රාජ්‍යය කරන සමයෙහි ඔහුගේ සොහොයුරු මහානාම නම් තෙරුන් වහන්සේ විජය රජුගේ කාලයෙහි පටන් මහසෙන් රජුගේ කාලය අළලා මහා වංශය නමැති ලංකා කතාව රචනා කෙළේය. ධාතුසේන රජ තමාගේ වැඩිමහල් පුත් වූ 'භින්න මාතෘක කාශ්‍යප' කුමාරයා විසින් සිංහාසනයෙන් පහ කරන ලද්දේය.
