දිලීර (Fungi)
  දිලීර, සංවිධානය වූ න්‍යෂ්ට්යක් සහ පටලමය ඉන්ද්‍රිකා සහිත සෛලීය ව්‍යූහයකින් යුත් සුන්‍යෂ්ටිකයින් වන අතර, විශාලත්වයෙන් 5 μm හෝ ඊට තරමක් වැඩි ව්ශ්කම්භයක් සහිත සෛලවලින් සමන්විත ය. බොහෝ දිලීර බහු සෛලික දේහයකින් යුතු වුව ද යීස්ට් වැනි ඒක සෛලික දිලීර ද ඇත. බහු සෛලික දිලීර දේහය අතු බෙදුණු සියුම් නාලාකාර දිලීර සූත්‍රිකා (fungal hyphae) ඒකරාශි වීමෙන් දිලීර ජාලය හෙවත් මයිසීලිය (fungal mycelium) නිර්මාණය වී ඇත. එක් එක් දිලීර කාණ්ඩ අනුව මෙම දිලීර සූත්‍රිකා ආවාර සහිත (septate) හෝ ආවාර රහිත විය හැකිය.

දිලීර දේහයේ සෛලීය ව්‍යූහය සෛල බිත්තියකින් සහ සෛල ප්ලාස්ම පටලයකින් වට වූ සෛල ප්ලාස්මයකින් සමන්විත ය. සෛල බිත්තිය නිර්මාණය වී ඇත්තේ කයිටීන්, ග්ලුකෑන් සහ මැනෑන් අණු ක්‍රමවත් ආකාරයට සම්බන්ධ වීමෙනි. මෙම සෛල බිත්තියේ සෙලියුලෝස් සහ පෙප්ටිඩොග්ලයිකෑන් අඩංගු නැත.

(c) Shilpa Sayura Foundation 2006-2017