සයනොබැක්ටීරියා (Cyanobacteria) හෙවත් නීලහරිත ඇල්ගී නිදැල්ලේ වෙසෙන නයිට්‍රජන් තිර කරන්නන් ලෙස හැඳින්වේ. තෙතමනය සහිත පාෂාණ පෘෂ්ට, සිමෙන්ති ආස්තර, ශාක කඳන්මත නීල හරිත වර්ණයෙන් වර්ධනය වී ලිස්සන සුළු පෘෂ්ටයක් ඇති කිරීමට සමත් වේ.
එසේ ම මොවුන් මිරිදිය ජලාශ, සමහර කරදිය ජලාශ වලද, තෙතමනය සහිත පසෙහි ද වර්ධනය වන ප්‍රමුඛ ජීවී කොට්ඨාශයකි. සමහර සයනොබැක්ටීරියා විශේෂ උණුදිය උල්පත් ආශ්‍රිතව ද දිලීර සමඟ සහජීවන සම්බන්ධතා ඇති කර ගනිමින් ලයිකන (Lichen) සාදමින් ස්වභාවිකව ඉතා වියළි පරිසර තත්ව යටතේ වර්ධනය වේ.
මොවුන් සිය ජීවන චක්‍රයේ කිසිවිටෙකත් කශිකා සහිත සෛල නොසාදයි. සමහර සූත්‍රිකාකාර සයොනොබැක්ටීරියා සෛල වටා කොපුවක් ඇත. ප්‍රජනනය සරල ඛණ්ඩනය මඟින් සිදුවේ.
උදා: Microcystis, Anabaena, Nostoc, Oscillatoria