නයිට්‍රිකරණය (Nitrification)
 

ඇමෝනියම් අයන (NH4+) ඔක්සිකරණයට භාජනය වීමෙන් නයිට්‍රයිට (NO2-) අයන සෑදීම නයිට්‍රිකරණයේ එක් ප්‍රතික්‍රියාවකි. මෙම ඔක්සිකරණ ප්‍රතික්‍රියාව රසායනික ස්වයංපෝෂි බැක්ටීරියා විශේෂ සිදුකරයි. මෙසේ සෑදෙන නයිට්‍රයිට (NO2-) තවදුරටත් ඔක්සිකරණය වී නයිට්‍රේට (NO3-) අයන සෑදීම සිදුකරයි. මෙසේ නිපදවන නයිට්‍රේට අයන ඉතා පහසුවෙන් ශාක මඟින් අවශෝෂණය කර ප්‍රෝටීන නිෂ්පාදනය කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017