මියගිය ශාක සහ සත්ත්ව පටකවල නයිට්‍රජන් අඩංගු වන්නේ ප්‍රෝටීන වශයෙනි. ජීවීන් මියගිය පසු මළ ද්‍රව්‍ය ජීර්ණය (decomposition) කරන්නේ බැක්ටීරියා සහ දිලීර මඟිනි. මේ අතරින් බැක්ටීරියා ප්‍රධානය. එනම්, බැක්ටීරියා ප්‍රභේද අති විශාල සංඛ්‍යාවක් මෙයට දායක වන බැවිනි. මෙම ජීර්ණය නිසා ප්‍රෝටීන අණු සරල ඇමයිනො අම්ල අණු බවට බිඳ හෙලනු ලැබේ. මෙය ප්‍රෝටීන හායනය (proteolysis) ලෙස හැඳින්වේ.
මෙසේ ඇතිවන ඇමයිනෝ අම්ල වල ඇති ඇමයිනො කාණ්ඩය (-NH2) ඇමයිනො (NH3) බවට පති කිරීම ඇමෝනීකරණය ලෙස හැඳින්වේ. මෙසේ නිපදවන ඇමෝනියා වායුව ජලයේ දියවීමෙන් ඇමෝනියම් අයන සෑදේ. මෙම ඇමෝනියම් අයන (NH+4) පසට එකතු වේ.
මෙසේ ඇතිවන ඇමයිනෝ අම්ල වල ඇති ඇමයිනො කාණ්ඩය (-NH2) ඇමයිනො (NH3) බවට පති කිරීම ඇමෝනීකරණය ලෙස හැඳින්වේ. මෙසේ නිපදවන ඇමෝනියා වායුව ජලයේ දියවීමෙන් ඇමෝනියම් අයන සෑදේ. මෙම ඇමෝනියම් අයන (NH+4) පසට එකතු වේ.