ජිනෝමය (genome)
  ද්ව්පට DNA දාමයක් වලයාකාර ලෙස සකස් වීමෙන් බැක්ටීරියා වර්ණදේහය (chromosome) නිර්මාණය වී ඇත. එක් බැක්ටීරියා සෛලයක් තුළ එක් වර්ණ දේහයක් පමණක් පිහිටා ඇති බැවින් බැක්ටීරියා ඒකගුණ (haploid) ජීවීන් ලෙස සැලකේ.

සමහර බැක්ටීරියාවල වර්ණදේහයට අමතරව වලයාකාර ද්විපට අණුවලින් සැදි ප්ලාස්මිඩ (Plasmid) අන්තර්ගත වේ. ප්ලාස්මිඩ ප්‍රතිවලිත වීම බැක්ටීරියා වර්ණදේහයට ස්වාධීනව සිදුවේ. බැක්ටීරියා වර්ණදේහය සහ ප්ලාස්මිඩ මඟින් බැක්ටීරියා ජිනෝමය නිර්මාණය කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017