ප්ලාස්ම පටලය (cell membrane)
  සෛල බිත්තියට ඇතුළතින් පිහිටා ඇති එයට සමීපතම ව්‍යුහය ප්ලාස්ම පටලයයි. බැක්ටීරියා සෛලයේ සෛල ප්ලාස්මය ආරක්ෂා කරන මෙම ස්ථරය පොස්පොලිපිඩ සහ ග්ලයිකොප්‍රෝටීන අණු ක්‍රමවත්ව සකස්වීමෙන් නිර්මාණය වූවකි.

මෙම පටලය වරණීය (selective) කාර්යයක් ඉටුකරමින් සෛලයට අවශ්‍ය ද්‍රව්‍ය අභ්‍යන්තරයට ලබාදීමටත් අනවශ්‍ය ද්‍රව්‍ය සෛලයෙන් බැහැර කිරීමටත් ක්‍රියා කරයි. එමෙන්ම එය බැක්ටීරියා සෛලවල සෛලීය ස්වසන උපස්තරය ලෙස ද ක්‍රියා කරයි. ප්‍රභාසංස්ලේෂක බැක්ටීරියා (Cyanobacteria) හෙවත් නීලහරිත ඇල්ගී සෛල ප්ලාස්ම පටලයේ අඩංගු වර්ණක උපයෝගයෙන් තම ප්‍රභාසංස්ලේෂක ප්‍රතික්‍රියා සිදුකරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017