බැක්ටීරියා ඉතා අධික වර්ධන වේගයක් පෙන්නුම් කරයි. බැක්ටීරියාවල ප්‍රජනනය ද්විඛණ්ඩනය (binary fission) මගින් සිදුවන අතර එක් සෛලයක් සෛල දෙකක් වීමට ගතකරන කාලය ප්‍රජනනය පිණිස ගතවන කාලය (generation time) ලෙස සැලකිය හැකි ය. වැඩිම ප්‍රජනන වේගයක් බැක්ටීරියා සතුවන අතර අනිකුත් ක්ෂුද්රජීවීන් සාපේක්ෂව අඩු ප්‍රජනන වේගයක් පෙන්නුම් කරයි.
මීට හේතුව ඔවුන් ප්‍රමාණයෙන් කුඩා වීමයි. මේ අනුව සෛලීය පරිමාවට සාපේක්ෂව සෛලීය මතුපිට ක්ෂේත්රඵලය අධික වන බැවින් වඩා කඩිනමින් සෛලය තුළට ආහාර ලබාගැනීමටත්, පරිවෘත්තීය අපද්‍රව්‍ය සෛලයෙන් බැහැරකිරීමටත් හැකිවන අතර මෙය ශීඝ්‍ර වර්ධනයට සහ ප්‍රජනනයට හේතු වේ.