බැක්ටීරියා
  බැක්ටීරියා සෛලීය සංවිධානයකින් යුක්ත, න්‍යෂ්ටියක් හෝ පටලමය ඉන්ද්‍රිකා නොමැති, ප්‍රමාණයෙන් 0.25 μm සිට 5.00 μm පමණ වූ ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් ය.

බැක්ටීරියා සෛල ඝන සෛල බිත්තියකින් (cell wall) සහ ප්ලාස්ම පටලයකින් (plasma membrane) වටවූ සෛල ප්ලාස්මයකින් (cytoplasm) සමන්විතය. සෛල ප්ලාස්මය තුළ ප්‍රවේණික ද්‍රව්‍ය (genome) අන්තර්ගත වේ. සෛල බිත්තියට පිටතින් සමහර බැක්ටීරියාවල කශිකා (flagella) හෝ පක්ෂම (pili) පිහිටා ඇත. එමෙන් ම සෛල බිත්තිය වටා පොලිසැකරයිඩ කොපුවක් සහිත බැක්ටීරියා සෛල ද දක්නට ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017